March 19, 2024

රිෂාඩ්ගේ සහය අපට එපා - අනිත් මන්ත්‍රීවරු 3දෙනා ගැන නම් මට මොකුත් කියන්න බෑ - ගම්මන්පිල

රිෂාඩ් බදියුදීන් මහතාගේ සහය කිසිම අවස්ථාවක ආණ්ඩුවට ලබා නොගන්නා බවට උදය ගම්මන්පිල අමාත්‍යවරයා සහතික වේ.

යම්කිසි පනතක් සදහා රිෂාඩ් බදියුදීන් මහතාගේ සහය ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් එසේ ඔහුගේ සහය ලබා ගැනීම වෙනුවට එම පනත ඉල්ලා අස්කර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අන් මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහය ආණ්ඩුවට ලබා ගන්නවා දැයි යන කාරණය සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා ඍජු පිළිතුරක් දීමෙන් වැලකී සිටියි.

ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කරන්නේ රිෂාඩ් බදියුදීන් මහතාව පමණක් ආණ්ඩුවට සම්බන්ධ නොකර ගන්නා බවය.

රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා හා අසාත් සාලි යන මහත්වරුන් කිසිවිටෙකත් ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බවට මැතිවරණ සමයේ පොදුජන පෙරමුණ තම ජනතාවට පොරොන්දු වූ බව ද පෙන්වා දෙයි.

Rate this item
(1 Vote)