April 17, 2024

20ට ලෙඩ දාන්නේ "ව" අකුරෙන් නම පටන් ගන්න කට්ටියලු

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුව පාර්ශ්වයෙන් විරෝධය එල්ල කරන ඇමතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ නම "ව" අකුරෙන් පටන් ගැනීම විශේෂත්වයකි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව තුළ සිටිමින්ම ඊට එරෙහිව එරෙහිව ප්‍රබල හඬක් නගන විමල් වීරවංශ, විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ගේ නම් "ව" අකුරෙන් පටන් ගනී.

ඉහත සඳහන් ආණ්ඩු පක්ෂ නියෝජිතයින්ට එරෙහිව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල්කොටගෙන ආණ්ඩුව තුළින්ම ප්‍රතිවිරෝධතාද ගොඩනැගෙමින් තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 October 2020 12:10