March 28, 2024

අදත් ගංජා ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ - ආනන්දය ලබන්න කියන්නේ ගංජා ගහන්නද?

කතානායකවරයා නොදැන පාර්ලිමේන්තුව තුල කන්සා වගාව සම්බන්ධයෙන් ලියවූ පොතක් පාර්ලිමේන්තුවේ බෙදා හැර තිබෙන්නේ කෙසේ දැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කතානායකවරයාගෙන් විමසා තිබේ.

එම පොත තමන්ට නොලැබුණු මුත් තමන් එම පොත සොයා ගත් බව සඳහන් කල පතිරණ මන්ත්‍රීවරයා එම පොතේ පිදුම ආනන්දය ලබන්න මැයෙන් සඳහන්ව තිබු බවද පෙන්වා දෙයි. ඉන් අදහස් කරන්නේ ගංජා ගසන්න දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන ලදී.

එම පොත ගැන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දන්නේ දැයි පතිරණ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කල අතර මේ පොත පිළිබඳව තමන් සොයා බලන බව කතානායකවරයා සභාවට දැනුම් දෙන ලදී.

Rate this item
(0 votes)

Related items