April 24, 2024

දිවයින පුරා පාසල්වල දෙවැනි වාර පාසල් නිවාඩුව හෙට සිට ක්‍රියාත්මකයි

දිවයින් පුරා සියලු පාසල්වලට හෙට (05) සිට දෙවන පාසල් වාර නිවාඩුව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මීට පෙර දෙවැනි පාසල් වාර නිවාඩුව ලබන ඔක්තෝම්බර් 09වැනිදා ලබා දීමට තීරණය කර තිබිණි. කෙසේ වෙතත් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි දෙවැනි පාසල් වාර නිවාඩුව දිවයිනේ සියලු පාසල් සඳහා ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසැල් සහ පෞද්ගලික උපකාරක පංති හෙට (05) සිට වසා දැමිණි. 
Rate this item
(0 votes)
Last modified on Sunday, 04 October 2020 12:51