April 27, 2024

රොහාගේ හිතවතුන් 4ක් අත්අඩංගුවට - “රොහා“ එක්ක නුවරඑළියේ පාටිත් දාලා

පොලීසිය සමග වෙඩි හුවමාරුවෙන් මියගිය “රත්මලානේ රොහා“ නැමැත්තාගේ සමීපතමයින් සිවු දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (03) පස්වරුවේ සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ වළදමා තිබූ වෙඩි උණ්ඩ තොගයක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

ටී 56 වර්ගයේ උණ්ඩ 255 ක් , මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 4, මිලිමීටර 8 වර්ගයේ උණ්ඩ 3ක් මෙහිදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් “රත්මලානේ රොහා“ සමග නුවරඑළිය ප්‍රදේශයේ පැවති සාදයකටද සහභාගී වී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Rate this item
(0 votes)