April 26, 2024

20 සම්මත කර ගන්න සමගි ජනබලවේගයේ පිරිසකුත් අපි සමඟයි

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා සමගි ජන බලවේගයට සම්බන්ධ පාර්ශ්ව කිහිපයකිනුත් සහාය ලබාගැනීමට රජය සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"අපට පැහැදිලිවම පේන්න තියෙනවා මේ අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරපු පාර්ශ්වයන් දිහා බැලුවාම ඒ සියලුම පාර්ශ්වයන් පහුගිය යහපාලන අවධියේදී මේ රටේ විනාශයට කටයුතු කරපු අය සහ ඒකෙ කොටස්කරුවන්. ඒ හින්දා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරලා මේ රට විනාශ කරලා රටේ ජනතාවට ජීවත්වීමේ අපහසුතාවය නිර්මාණය කරපු අය ඔවුන් නිර්මාණය කරපු අපහසුතාවය සාධාරණීකරණය කරන්න යනවා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා."

"ඒ හින්දා මං හිතනවා අපි තව දින 21කට ආසන්න කාලයක් යද්දී ඒ සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුවක් ලැබෙයි. ඒ අනුව අපි කටයුතු කරන්න සූදානම්. හැබැයි කවුරුහරි හිතනවා නම් අපේ රජයට තුනෙන් දෙකක බලයක් පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් ලබාගන්න බෑ කියලා, ඒ බලාපොරොත්තුව අයින් කරගන්න. අනිවාර්යයෙන්ම අපි තුනෙන් දෙකක බහුතරයක් පාර්ලිමේන්තුව තුළ පෙන්නනවා විතරක් නෙවෙයි, අද සමගි ජන බලවේගයට සහයෝගය දක්වන පාර්ශ්වයන් කිහිපයකුත් 20 වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා අපට සහයෝගය දෙනවා." යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)