April 20, 2024

පොල් වෙන්දේසියේදී පොල් මිලට වුණ දේ

September 29, 2020

සැප්තැම්බර් මාසයේ අවසන් පොල් වෙන්දේසියේදී ද පොල් මිල කැපී පෙනෙන ඉහළ අගයක් පෙන්නුම් කළ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එහිදී පොල් දහසක් සඳහා රුපියල් 61,000ක උපරිම මිලක් සහ රුපියල් 51,500ක අවම  මිලක් ලැබී තිබේ.

ඒ අනුව එම වෙන්දේසියේදී පොල් ගෙඩියක් සඳහා ලැබී ඇති සාමාන්‍ය මිල රුපියල් 56යි ශත 49කි.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු පොල් ගෙඩි 707,000කින් අලෙවි වී ඇත්තේ පොල් ගෙඩි පන්ලක්ෂ 29,000කි.

මේ අතර, මේ වසරේ මුල් මාස 6 තුළ මෙරට පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 1367ක් දක්වා සියයට 13.6කින් පහත වැටී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Rate this item
(0 votes)