April 27, 2024

පොල් ජාතික වස්තුවක් වේ - පාරිභෝගික අධිකාරිය විහිළුවක් වේ : ටේප් පටිවලටත් ලොකු ඉල්ලුමක්

September 28, 2020

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් මගින් හඳුන්වා දී තිබෙන පොල් ගෙඩියේ වටේ ප්‍රමාණයට මිල නියම කිරීමේ නව මිනුම් ඒකකය මේ වන විට සමාජයේ හාස්‍යට ලක් ව තිබේ.

පොල් ගෙඩියේ වට ප්‍රමාණය මැනීම සඳහා කඩපිළට යනවිට ටේප් පටියක් රැගෙන යා යුතුදැයි පාරිභෝගිකයන් ප්‍රශ්න කරයි.

ඉකුත් 26 වනදා නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයෙන් පොල් ගෙඩියක් සඳහා පාලන මිලක් පනවා ඇති අතර එය උල්ලංඝනය කරන වෙළදුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද නියමිතය.

පළල අඟල් 12 ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60 ටත්, අගල් 12 - 13 අතර පොල් ගෙඩියක් රුපියල් 65 ටත්, අගල් 13 වැඩි පොල් ගෙඩියක් රුපියල් 70 ටත් අලෙවි කළ යුතු බව එම ගැසට් නිවේදනයෙන් දැනුම් දී තිබේ.

බොහෝ භාණ්ඩ මැනීමට රාත්තල්, කිලෝ, ග්‍රෑම් තිබෙන ආකාරයට පොල් ගෙඩිය මැනීමට වටප්‍රමාණ ඒකකයක් හඳුන්වා දුන් බව පාරිභෝගික සේවා අධිකාරිය තම නවතම සොයා ගැනීම පිළිබඳව කරුණු දක්වමින් පෙන්වා දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 September 2020 11:24