April 17, 2024

මං තීරු නීතියෙන් පසු ට්‍රැෆික් ලයිට් ගැන අවධානය

September 28, 2020

මංතීරු නීතිය කඩ කරන්නන්ට එරෙහිව අද සිට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් රථ වාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි. 

එමෙන්ම, මංතීරු නීතිය ක්‍රියාත්මක වන මාර්ගවල තදබදය අඩු කිරීමේ අරමුණින් සංඥා ලාම්පු හෙවත් ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක් ද අද සිදුකරන බව ඔහු පැවසීය.

පසුගිය 14 වනදා සිට යළි ආරම්භ කළ මංතීරු නීතිය පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4 ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ.

ආරම්භක සති දෙක තුළ මංතීරු නීතිය පිළිබඳ රියදුරන්ට අවශ්‍ය දැනුවත් කිරීම් හා අවබෝධය ලබාදීම සිදුකරනු ලැබුවේ එම නීතිය උල්ලංඝනය කරන්නන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීමකින් තොරවයි.

Rate this item
(0 votes)

Related items