March 29, 2024

20ට පක්‍ෂ වන්න මන්ත‍්‍රීන් 175ක් සූදානම්

September 28, 2020

29 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 175 කට වැඩි බහුතරයකින් සම්මත කර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය ප්‍රදේශයේ (26) දින පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

"පසුගිය මැතිවරණයෙන් අපි ජනතාවගෙන්වරමක් ඉල්ලුවා  19 සංශෝධනය වෙනස් කරන්න. අපිට 2/3 බහුතරයක් දුන්නා මේක අහෝසි කරන්න. 17 සහ 19 සංශෝධනය හැමදාම එක්සත් ජාතික පක්ෂය ගෙනාවේ රනිල් වික්‍රමසිංහ ශක්තිමත් වෙන්න. චන්ද්‍රිකා මැතිනිය එක්ක වැඩ කරන්න බැරි නිසා රනිල් වික්‍රමසිංහ බලාත්මක කරන්න කටයුතු කලා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති එක්ක වැඩ කරන්න බැරි නිසා 19 ගෙනවා. 17 සහ 19 ගෙනාවේ රට ශක්තිමත් කරන්න නෙවෙයි රනිල් ශක්තිමත් වෙන්න. 19 නිසා මේ රටට වුණ විනාශය අපි දැක්කා.ඒ නිසා තමයි අපි 20 සංශෝධනය ගෙනාවේ. 19 හදලා තියෙන්නේ ව්‍යවස්ථාදායකය තනිකර ඒක පාර්ශවික සභාවක් විදිහට. පසුගිය කාලයේ කථානායක , විපක්ෂ නායක සියල්ල එකම පාර්ශවයක්. 175 කට වැඩි බහුතරයකින් 20 සංශෝධනය සම්මත වෙනවා." යනුවෙන් පැවසිය.

Rate this item
(0 votes)

Related items