March 28, 2024

ආනයනය කළ වාහනවලින් සියයට 90ක් විකිණිලා - වාහන ආනයනය නැවතීමෙන් වාහන මිලට වෙන දේ

September 27, 2020

මෙරටට ආනයනය කර ඇති රථවාහනවලින් සියයට 90 ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 

මීට හේතු වී ඇත්තේ ගත වූ මාස 06 තුළ මෙරටට වාහන ආනයනය කිරීම රජය තාවකාලිකව අත්හිටුවීම බව වාහන ආනයනකරුවන් පවසයි.

පවතින වාහනවලට ඉල්ලුම වැඩිවීම නිසා මිල ඉහළ ගොස් ඇති බව එම සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා සඳහන් කළේය.  

මේ හේතුවෙන් රට තුළ තිබෙන ලියාපදිංචි කළ වාහනවල මිළ ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.

Rate this item
(0 votes)