April 16, 2024

සුෂාන්ත් රාජ්පුත් ගෙළ සිරකර මරා දමලා? පවුලේ නීතිඥයාගෙන් හෙළිදරව්වක්

September 26, 2020

දිවි නසාගත් බවට ප්‍රකාශ වූ ඉන්දීය සිනමා නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගෙළ සිරකර මරා දමා ඇති බවට වෝහාරික පරික්ෂණවලින් තහවුරු වී ඇතැයි ඔහුගේ පවුලේ නීතීඥ විකාස් සිං ප්‍රකාශ කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර අත්තේ මුම්බායි පොලීසිය ඒ පිළිබඳව අවධානයක් යොමු කර නොමැති බවයි.

රාජ්පුත් දිවි හානිකරගෙන ඇති බව ප්‍රකාශ වුවත්, ඔහු ගෙළ සිර කර මරා දමා ඇති බවට සාක්ෂි පවතින්නේ යැයි ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු තමා වෙත පැවසූ බවද විකාස් සිං වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ නමුත් මරණ පරීක්ෂණ ප්‍රතිඵල සහ මුම්බායි පොලීසිය පවසන අන්දමට පසුගිය ජූනි 14 වනදා සුෂාන්ත් සිං රාජ්පුත් සිය නිවහනේදී දිවි හානිකරගෙන ඇති අතර ඔහු මානසික අවපීඩනයෙන් පෙලුනු තැනැත්තෙක් බව හෙළිවී තිබේ.

එමෙන්ම රාජ්පුත්ට මත්ද්‍රව්‍ය සැපයූ බවට චෝදනා කරමින් ඔහුගේ අවසන් කළ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්ති සහ ඇගේ සොහොයුරු ෂෝවික් ඇතුලු 15 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Rate this item
(1 Vote)

Related items