April 25, 2024

තෙල් සංස්ථාව ණය උගුලක හිරවෙයි - ලෝක තෙල් මිල පහල ගියත් සංස්ථාවේ පාඩුව ඉහලට

September 26, 2020

ලංකා විදුලිබල මණ්ඩලය, වෙස්ට් කෝස්ට් සමාගම හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 1,48,918ක ණය මුදලක් ගෙවිය යුතුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව තෙල් සංස්ථාව මගින් බැංකුවලට ගෙවීමට ඇති ණය මුදල රුපියල් මිලියන 5,92,730ක් වී තිබේ.

මුදල් අමාත්‍යංශය මගින් 2020 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් කර ඇත. මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ති​බේ.  

මේ වසරේ මුල් මාස 4 තුළ දී මෑත ඉතිහාසය තුළ වාර්තා වූ අඩුම තෙල් මිලක් ලෝක වෙළෙඳ පොළේ පවතින අවස්ථාවක වුවද එම ලාභය ලැබීමට සංස්ථාවට හැකියාව ලැබී නොමැති බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.  

මිල අඩුවීම හේතුවෙන් මේ වසරේ මුල් මාස 4 තුළ රුපියල් මිලියන 1494ක මෙහෙයුම් ලාබයක් වාර්තා කර තිබිණි.

එහෙත් රුපියල් මිලියන 43,890ක් විනිමය හුවමාරු අලාභය නිසා එය රුපියල් මිලියන 45,142ක මුළු අලාභයක් දක්වා වර්ධනය වී ඇත.

Rate this item
(0 votes)