March 28, 2024

"ආණ්ඩුවේ පලවෙනි පේලියේ ඉන්න ඔක්කොටම මට තනියෙන් වග කියන්න පුළුවන්" - ෆොන්සේකාගෙන් අභියෝගයක්

September 23, 2020

විපක්ෂයේ ඉන්න එක්කෙනෙක් වට කරන්න ආණ්ඩුවේ ඉන්න තුන්දෙනෙක් දාන්න පුළුවන් බව ඊයේ (22) ආණ්ඩුවේ ඇමති වරයෙක් ප්‍රකාශ කරන අයුරු තමන් දුටු බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

අට පාස් නැති වුන අය‍ට තුනෙන් දෙක හරියට ගැන ගන්නට බැරි බවත් එක්කෙනෙකුට තුනක් දානවා නම් ආණ්ඩුවට හතරෙන් තුනක් තිබිය යුතු බවද ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

එවැනි තර්ජන වලින් විපක්ෂය බිය නොවන බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා තමාට ආණ්ඩුවේ ඉදිරි පෙළ සිටින සියල්ලන්ම තනියෙන් එක පාරට ගත හැකි බවද ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ තුන් වන පේලියේ සිටින දයාසිරි ජයසේකර මහතා කරාටේ දන්නා බැවින් ඒ පේලියේ වගකීම අපේ පැත්තේ සිටින කළු පටි ශුරියෙකු වන ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට භාර දෙන බවද ඔහු සඳහන් කළේය.

Rate this item
(6 votes)