March 29, 2024

බුද්ධික පතිරණත් සම අයිතිය ඉල්ලයි

September 23, 2020

පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) සම සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන ලෙස සමඟි ජන බලවේග මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

කෝප් සභාපති ධුරයට මහාචාර්ය චරිත හේරත් මහතාව ඊයේ (22) පත් කරන බව ආණ්ඩු පක්ෂය දැනුම් දී තිබේ.

එම ඉල්ලීමට කතානායකවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලදී.

පතිරණ මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ අද (23) පාර්ලිමේන්තුව අරම්භයේදීය.

Rate this item
(1 Vote)

Related items