April 19, 2024

බොරු පුවත් පළ කළොත් වැඩ වරදී - පනත් කෙටුම්පත ඇමැති මණ්ඩලයට

September 23, 2020

අසත්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් වූ නීති රීති දැඩි කිරීමට රජයේ අවධානය යොමු කර තිබේ.

විශේෂයෙන්ම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව රජය හඳුනාගෙන ඇත.

පවතින නීති රීති ප්‍රමාණවත් නොවන බැවින් හා නව තාක්ෂණය යටතේ විවිධ මාධ්‍ය මගින් පළකරන ප්‍රචාරක කටයුතු සඳහා පියවර ගැනීමේ අරමුණින් නීති රීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

අසත්‍ය පුවත් පළකිරීමට අදාළව මේ වනවිටද නීති රීති ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පතක්  20/1328/330/007 දරන ඇමැති මණ්ඩල සංදේශය යටතේ අධිකරණ ඇමැති අලි සබ්රි ඇමැති මණ්ඩලයට පසුගිය 21 වැනිදා යොමු කර තිබුණි.

Rate this item
(0 votes)

Related items