March 29, 2024

ආනවිළුන්දාව “රැම්සා අභයභූමි” සිද්ධියට ජගත් සමන්ත රිමාන්ඩ්

September 22, 2020

ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ නිත්‍යානුකුල නොවන ලෙස එළිකර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ සැප්තැම්බර් 24 වන දින තෙක්ය.

හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දින (21) පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන තිබුණි.

එය එළිපෙහෙළි කර තිබුණේ ඉස්සන් වගාව සඳහාය.

මේ සම්බන්ධව සොයාබැලීම සඳහා වනජීවි සහ වන සංරක්ෂණ අමාතයාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට විෂය බාර අමාත්‍ය සී බී රත්නායක මහතා කටයුතු කර තිබේ.

කමිටු වාර්තාව සැප්තැම්බර් 8 වන දින විෂයභාර අමාත්‍යවරයා වෙත බාර දී තිබුණි.

Rate this item
(0 votes)

Related items