March 29, 2024

අධිකරණයට අපහාස කළැයි මෛත්‍රීට චෝදනාවක් - මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ මෛත්‍රී නොදැනුවත්වලු

September 22, 2020

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහතා අධිකරණයට අපහාස කිරීමක් සේ සලකා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී නීතිඥවරයෙක් ඉල්ලා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් කොමිසමේ දී කළ ප්‍රකාශයක් ගැන හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ නීතිඥයා විසින් මෙම ප්‍රශ්නය මතු කර ඇත.

මෙවන් මාධ්‍ය නිවේදන හරහා කිසිවකුට හෝ අගතියක් සිදුවන්නේ නම් නීතිඥයෙකු මාර්ගයෙන් කොමිසම හමුවේ පෙනී සිට හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදී ඇති බවත් එය නොතකා මෙවැනි නිවේදන නිකුත් කිරීමෙන් කොමිසමේ අධිකාරී බලයට හා ගෞරවයට හානි සිදුකර ඇතැයි ද එම නීතිඥයා කියා සිටියේය.

මෙම කොමිසම ද සිදු කරන්නේ අධිකරණමය කටයුත්තක් නිසා එම කටයුතු බාහිර පුද්ගලයකු විවේචනය කර ඇති නිසා එය අධිකරණයට අපහාස කිරීමක් සේ සලකන ලෙස ද නීතිඥවරයා ඉල්ලා සිටියේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තමන් මෙම මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා පිළිතුරක් ලබාදෙන බවත්ය.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් එම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබිණි.

Rate this item
(0 votes)