April 25, 2024

"මිරිකනවා බෙල්ල මම - එන්න කියපන් ලොක්කන්ට" - අම්පිටියේ හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි (VIDEO)

September 22, 2020

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා නිළධාරීන් කිහිපදෙනෙකු සිර කර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.

උන්වහන්සේගේ විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කර ඇතැයි පවසමින් චෝදනා එල්ල කරමින් සිටියහ.

එම ස්ථානයට පොලීසිය ද පැමිණියත් තත්ත්වය පාලනය කිරීමට හැකිවූයේ නැත.

අවසානයේ සතියක් ඇතුලත එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන මැනුම් කටයුතු අවසන් කරන බවට පොරොන්දු වීමත් සමග උන්වහන්සේ තම විරෝධය තාවකාලිකව නතර කරනු ලැබීය.

අවස්ථා කිහිපයකදීම පුරාවිද්‍යා නිලධාරීන්ට උන්වහන්සේ පහරදීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබිණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 September 2020 10:21