වෙළදපොලේ පවතින කහ හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාර්ශ්ව සම්බන්ධයෙන් පසුගිය සමයේ දිගින් දිගටම තොරතුරු වාර්තා විය.
මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති තවත් පාර්ශ්වයක් වන්නේ බේකරි හිමියන් වන අතර ඔවුන් පවසන්නේ මාලූපාන් සහ පැටිස් වැනි බේකරි නිෂ්පාදන සඳහා කහ අත්‍යවශ්‍ය බවයි.
එක් බේකරියක් සඳහා දෛනිකව කහ කිලෝග‍්‍රෑමයක් පමණ මීට පෙර වැය වූ බව බේකරි හිමියන් පවසයි.
වෙළදපොලේ පවතින කහ හිඟය සහ අධික මිල හේතුවෙන් බේකරි නිෂ්පාදන සිදු කිරීම ගැටළුවක් වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
කෙසේවෙතත් කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශි‍්‍රත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කළේ ලබන වසරේ මුල් මාස කිහිපය වනවිට පවතින කහ ගැටළුව යම් තාක් දුරකට හෝ විසදෙනු ඇති බවයි.
කහ පිටරටින් ගෙන්වීම තහනම් කිරීමත් සමග නීතිවිරෝධී අයුරින් ගෙන් වූ කහ කිලෝ දහස් ගණනක් ඉකුත් දිනවල අත්අඩංගුවට ගැනීමට හැකිව තිබිණි.