March 28, 2024

හිටපු ජනපතිට 20න් මුකුත් නැහැ - නව ව්‍යවස්ථාවක් එයිද කියන්නත් බැහැ

September 17, 2020

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කැබිනට් අමාත්‍ය ධූරයකට වඩා ඉහළ ධූරයක් ලබා දීම පිළිබඳව කිසිදු යෝජනාවක් 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධන කෙටුම්පතේ නොමැති බැව් දැනගන්නට තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට යළි 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සක්‍රීය කිරීම තාවකාලික පියවරක් බව ප්‍රකාශ කරන ආණ්ඩුව 1978 ‌ජේ.ආර් ජයවර්ධන මහතා හඳුන්වා දුන් 19 වතාවක් සංශෝධනය වූ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා 09 දෙනෙක් ගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර තිබේ.

හිටපු ජනපතිට ඉහළ තනතුරක් නිර්මාණය කිරීම එම ව්‍යවස්ථාවෙන් සිදුවන බව ප්‍රකාශ වූවද එම ව්‍යවස්ථාවට කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කොට යෝජනා ගෙන නොඑන බවට දැන්වීමක් මැතිවරණයට පෙර එනම් අගෝස්තු 02 වැනි දින පොදුජන පෙරමුණ පුවත්පත්වල පළ කර තිබුණි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට වසරක පමණ කාලයක් යන බව ව්‍යවස්ථා සම්පාදකයින් ප්‍රකාශ කොට තිබේ. ඒ අතරම එවන් නව ව්‍යවස්ථාවක් නොඑන බව ප්‍රකාශ කරන පිරිස්ද ආණ්ඩුවේ සිටියි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2020 09:17