April 23, 2024

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවට එක්වීමේ පුදුම තදියමක්

September 17, 2020

සමගි ජන බලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට ඉතා කඩිනමින් ආණ්ඩුවට එක්වීමේ අවශ්‍යතාවයක් තිබෙන බව එම පක්ෂයේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ ප්‍රකාශ තුළින් පැහැදිළි වෙයි.

මේ වන විට කොන්දේසි විරහිතව ඒක පාර්ශවිකව හෝ කඩිනමින් ආණ්ඩුවට එක්වීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට තිබෙන බවද පැහැදිළි වෙයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක නසාර් අහමඩ් මහතා ද ආණ්ඩුවට එක්වීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය 2/3ක පොදුජන පෙරමුණු ආණ්ඩුවට එහි සන්ධානගත පාර්ශව සමඟ තිබෙන මූත් 20ට එරෙහි පිරිස් ආණ්ඩුව තුළ තිබීම මත ආණ්ඩුව අස්ථාවර විය හැකි බව නසීර් අහමඩ් මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව මීට ටික දිනකට පෙර රැස් වී මන්ත්‍රීවරුන් තනි තනිව නොව පක්ෂයක් ලෙස ආණ්ඩුවට එක්වීම පිළිබඳව එකඟතාවයකට පැමිණ තිබේ.

එහෙත් ආණ්ඩුවට එක්වීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට තවමත් ආරාධනයක් නොලැබුණු බව මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කොට ඇත.

1989 සිටම එනම් අෂ්රෆ් මහතා නායකත්වය දරණ සමයේ සිටම කුමන පැත්තෙන් තරග කළද මැතිවරණය අවසානයේ පවතින රජයට එක්ව අමාත්‍ය ධූර හා වරප්‍රසාද ලබා ගැනීම පිළිබඳ ඉතිහාසයක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2020 09:20

Related items