April 20, 2024

සූදු කෙළියට ගිය ප්‍රාදේශීය සභාපති පොලීසියට කොටු - ”යකා” පොලිස් කූඩුවේ

September 16, 2020

ලග්ගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා ඇතුළු 08 දෙනෙකු සූදු ක‍්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී ඊයේ(15) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය ලග්ගල ලේල්ඔය ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදීය සභාපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරින් 07 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැර ඇත.

ඔවුන්ට එළඹෙන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය දැනුම් දී තිබේ. 

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලිග‍්‍රෑම් 220 ක් සොයාගෙන තිබේ. එම සැකකරු පොලිස් ඇප මත මුදා හැර නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය පැවසීය.

අදාළ සැකකරු ලග්ගල, විල්ගමුව ආදී ප‍්‍රදේශවලට හෙරොයින් සහ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත ”යකා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකි. 

Rate this item
(0 votes)