April 26, 2024

ජනතාවට එලොව ‍පොල් පෙනෙයි - පොල් මිල දිනෙන් දින ඉහලට

September 15, 2020

දැනට වෙළපොලේ ඉහළ ගොස් ඇති පොල් ගෙඩියක මිල ගණන් නොවැම්බර් මාසය වන විට රුපියල් 100 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බව පොල් වගාකරුවන්ගේ සංගමය පවසයි.

මේ වනවිට වෙළඳපොලේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 70 ත් 85 ත් අතර මිලකටය.

මසකට මිලියන 250 ක පමණ පොල් ගෙඩි ප්‍රමාණයක් ඵලදාවක් ලබන අතර, ඉන් මිලියන 150 ක්ම පරිභෝජනය සඳහා යොදා ගැනේ.

කෙසේ වෙතත්, පසුගිය කාලසීමාවේදී බලපෑ කාලගුණ තත්වයත් සමඟ පොල් ඵලදාව අඩුවී ඇති බව පොල් වගාකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)