April 27, 2024

තීරුබදු රහිත වාහන බලපත්‍ර සූදානම් - මුල් තැන නවක මන්ත්‍රීවරුන්ට

September 12, 2020

අභිනව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම කඩිනමින් ආරම්භ කරන බව මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

මෙහිදී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් 79 දෙනාට මුලින්ම තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කෙරෙනු ඇතැයි ද ඉන් අනතුරුව සෙසු මන්ත්‍රීන් සියලු දෙනාට සති කිහිපයක් තුළ මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙන බව ද වාර්තා වේ.

තීරු බදු සහන බලපත්‍ර ක්‍රමය යටතේ එක් මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ 65ක පමණ බදු සහනයක් සහිත බලපත්‍රයක් හිමිවන අතර දැනට වාහන ආනයනය නතර කර ඇති නිසා මෙරටට ගෙන්වා ඇති වාහන හෝ ඉදිරියේදී වාහන ආනයන තහනම ඉවත්කළ විට හෝ මෙම බලපත්‍ර මගින් වාහන මිලදී ගත හැකිය.

ඒ සමඟ රාජ්‍ය සේවයේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලාභීන්ටද එම බලපත්‍ර නිකුත් කෙරේ. රජයේ සේවකයන්ට එකී බලපත්‍ර යටතේ රුපියල් ලක්ෂ 36ක බදු සහනයකට යටත්ව වාහනයක් මිලදී ගත හැකිය.

Rate this item
(2 votes)