April 25, 2024

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට ගැනීම ගැන මහින්දානන්ද සහ ගම්මන්පිල පරස්පර මත දෙකක Featured

September 11, 2020

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමේ දී ඊට සහය දීමට සමගි ජන බල වේගයේ පිරිසක් ආණ්ඩුවට එක් කරගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන ලදී.

ඒත් ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශකයෙකු වන උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඊයේ (10) පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේ දී සඳහන් කළේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කරගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත පළ කිරීමට විපක්ෂයේ අයෙක් සිටි නම් ඔහුට විපක්ෂයේ සිටම සිය කැමැත්ත පළ කළ හැකි බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. ඒ සඳහා ආණ්ඩුවට එක්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවද සඳහන් කරයි.

Rate this item
(0 votes)