March 29, 2024

ප්‍රේමලාල් ජයසේකරගේ පාර්ලිමේන්තු ගමන නතර වෙයි? තීන්දුව සඳුදා

September 04, 2020

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ලබන සඳුදා (07) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි.

ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද (04) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු ඉදිරිපත් කළ අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මහලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කළේය.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්න ද නැද්ද යන තීරණය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව ද නිවේදනය කළේය.

එමෙන්ම ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව ද විනිසුරු මඩුල්ල පවසා තිබේ.

Rate this item
(0 votes)

Related items