April 24, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වීදුරු කොප්ප තියන්න බෑ - පරිසර ඇමැතිගෙන් හෙළිදරව්වක්

පරිසර හානිය අවම කිරීමට ප්ලාස්ටික් ගෙන්වීම සීමා කරන බවත් ඒ සඳහා විකල්ප ක්‍රම හඳුන්වා දෙන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සැෂේ පැකට් සහ පිටරටින් විශාල වශයෙන් ගෙන්වන සෙල්ලම් බඩු නතර කිරීමට පියවර ගන්නා බවත් මුලින්ම සැෂේ පැකට් සීමා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් එහි මේසය මත තිබූ ප්ලාස්ටික් කෝප්පය ගෙන පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ අපිටත් පරිසර හානියට බලපාන ප්ලාස්ටික් කොප්ප ඉවත් කර වීදුරු කොප්ප ගැනීමට නොහැකි වී ඇති බවය.

තමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ අදාල නිලධාරීන්ගෙන් කරුණු විමසූ අවස්ථාවේ සඳහන් කළේ වීදුරු කොප්ප තැබීමට නොහැකි වී ඇත්තේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එම වීදුරු වලින් හානියක් සිදුවන ආකාරයේ හැසිරීමක් ඇතිවුවහොත් එය වලක්වා ගැනීමට ප්ලාස්ටික් කෝප්ප තබා ඇති බවයි.

Rate this item
(1 Vote)

Related items