April 27, 2024

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙන ලකුණු

මරණ දඬුවම ලබා සිටියදී රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් මෙවර පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීට, නීතිපතිවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබීම හේතුවෙන් අදාල මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව හිමි නොවීමට ඉඩ තිබෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔහුගේ නම නව පාර්ලිමේන්තුව සඳහා සුදුසුකම් ලැබූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.

ඔහු තමාට ලැබුණු මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට ඔහුට අධිකරණයෙන්ද අවසර ලැබී තිබුණු බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබූ අතර එය පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ බලධාරීන් විසින් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි බන්ධනාගාර බලධාරීන් වෙත දන්වා තිබූ බවටද මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමේ අවස්ථාව ලබා නොදිය යුතු බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී මාස තුනක අදාල ධුරයේ දිවුරුම් දිය යුතු අතර එසේ නොමැති වුවහොත් ප්‍රේමලාල් ජයසේකරගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඔහුට පසුව රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ සිටින අපේක්ෂකයාට එම අවස්ථාව හිමි වනු ඇත.

Rate this item
(0 votes)

Related items