April 25, 2024

එජාපයේ නායකත්වය වෙනසක්? කරුගෙන් අද විශේෂ ප‍්‍රකාශයක්

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය බාරගන්නා ලෙස හිටපු කථානායක කරු ජයසූරිය මහතා වෙත ඉදිරිපත් වන යෝජනා සම්බන්ධයෙන් ඒ මහතා විසින් අද (24) විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු සහ මහා සංඝරත්නය කරු ජයසූරිය මහතා හමු වී කළ ඉල්ලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස කරු ජයසූරිය මහතාගේ ප‍්‍රකාශය මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් කිරීමට අදහස් කර ඇත.

මෙය පක්‍ෂය සහ පාක්‍ෂිකයන් ඉතා අසරණව සිටින අවස්ථාවක් බවත් ඒ සඳහා යම් සහනයක් ඇති කිරීම සඳහා පක්‍ෂයේ නායකත්වය භාරගැනීමට කරු ජයසූරිය මහතා සූදානම් වුවත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කැමැත්තක් නොමැතිව භාර ගැනීමට ඒ මහතාගේ සූදානමක් නැතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)

Related items