March 28, 2024

එජාප නායකත්වය ගන්න කරූගේ කැමැත්ත

එක්සත් ජාතික පක්ෂය විසින් ඉල්ලීමක් කරන්නේ නම් එහි නායකත්වය භාර ගැනීමට හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ පිළිබඳව ඔහු වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා මේ වනවිටත් නම් 08 ක් යෝජනා වී තිබේ.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික දයා ගමගේ, රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර සහ වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ නම් මෙලෙස යෝජනා වී ඇත.

මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය අද දිනයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.

ඊයේ දිනයේද ඔවුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, අවසන් එකඟතාවයකට පැමිණ නොතිබිණි.

Rate this item
(1 Vote)

Related items