April 19, 2024

ශරීර සමබරතාවය රකින්න රොබෝ වල්ගයක් (VIDEO)

September 04, 2019

ජපානයේ කියෝ විශ්ව විද්‍යාලය විසින් අපුරු නිපැයුමක් ලෝකයාට හඳුන්වා දෙන්න කටයුතු කර තිබුණා.

ඔවුන් මෙලෙස හඳුන්වා දුන්නේ රෝබෝ වල්ගයක්. මෙම රොබෝ වල්ගයක් නිපදවන්න හේතුව වෙලා තිබුණේ ශරීර අසමබරතාවය අහිමිව රෝගීව සිටින අය වෙනුවෙනි. මෙම රොබෝ වල්ගය තවමත් පරික්ෂණ මට්ටමේ පවතින බවයි සඳහන් වෙන්නේ.

ශරීර අසමබරතාවයෙන් පෙළෙන කෙනෙකු මෙම රොබෝ වල්ගය තම ඉන ප්‍රදේශයේ සවි කරගත් විට අසමබරව වැටෙන්නට විට මෙම රෝබෝ වල්ගය ශරීරය සමබර කර ගැනීම සඳහා වේගයෙන් ප්‍රතිචාරයන් දක්වනු ලබනවා. මෙය ශරීරයට ඉතාමත් ඉහළ තාක්ෂණයෙන් යුතු සංවේදක මඟින් සම්බන්ධ කර ඇති නිසා ශරීරයේ කුඩා වු වෙනසක් ඇති වූ විට වහාම ප්‍රතිචාරය දැක්විය හැකි බවයි සඳහන් වෙන්නේ.

"Arque" නම් මෙම රොබෝ වල්ගය කෘතිම මාංශ පේශිවලින් සහ තවත් තාක්ෂණික උපාංගවලින් සමන්විත මෙම රොබෝ වල්ගය මුහුදු අශ්වයෙකුගේ වල්ගයට සමානව නිර්මාණය කර ඇත.

තවත් මෙම වල්ගයේ මුලාකෘතියක් පමණක් නිර්මාණය කර ඇති අතර ඉදිරියේ දී විවිධ අනතුරු හා රෝගවලට ගොදුරු වී ශරීරයේ අසමබරතාවය ඇතිව ඇති රෝගී අය සහ උස් ස්ථානයන් හී සේවය කරන අයගේ ශරීර සමබරතාවයන් ඇති කිරීම සඳහා මෙය වැඩි දියුණු කළ හැකිද යන්න පිළිබඳ ජපානයේ කියෝ විශ්ව විද්‍යාලයේ මෙම රෝබෝ වල්ගය නිර්මාණය කළ අධ්‍යයන කණ්ඩායම විසින් පරික්ෂා කරමින් සිටිනවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 04 September 2019 12:45