March 29, 2024

අනාගතයේ එන Honda Electric CR

යතුරු පැදි ලෝකයේ පෙරළියක් කරමින් මෙතෙක් කල් ඉන්ධනවලින් ධාවනය වූ Honda CR වර්ගයේ යතුරු පැදි විද්‍යුත් බලයෙන් ධාවනය විය හැකි ලෙස නිපදවන්න ජපානයේ Honda සමාගම සමත් වෙලා තියෙනවා.

තරඟකාරී ඉසව්වන් සඳහා ම නිපදවා ඇති Honda CR යතුරු පැදිය කා අතරත් බොහෝ ප්‍රසිද්ධියට පත් ව ඇති යතුරු පැදියකි.

වෙළෙඳපොළ බොහෝ වර්ගයේ විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන යතුරු පැදි තිබුණත් Honda සමාගම පළමු වරට තරඟකාරී ඉසව් සඳහා යොදා ගන්නා වර්ගයේ යතුරු පැදියක් විද්‍යුත් මාදිලියෙන් හඳුන්වා දුන්නේ සියලු දෙනා මවිතයට පත් ක⁣රමිනි. පසුගියදා පැවති Tokyo Motorcycle Show හි දී Honda CR හී විද්‍යුත් මාදිලියේ යතුරු පැදියක් හඳුන්වා දීමට ඔවුන් කටයුතු කර තිබුණි.

මෙසේ හඳුන්වා දී තිබුණේ Honda CR විද්‍යුත් යතුරු පැදියේ මුලාකෘතියකි. ඒ නිසා මෙහි විශේෂාංගයන් ගැන ලොකු සටහනක් නම් සඳහන් වන්නේ නැහැ. නමුත් ඉතාමත් ඉක්මණින් නිර්මාණය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට Honda සමාගම අදහස් කර ඇති බව සඳහන් වේ.

බොහෝ දෙනා පවසන්නේ Honda සමාගම විසින් නිපදවන අනිත් ජනප්‍රිය යතුරුපැදි බොහෝමයක් ද ඉදිරි අනාගතය තුළ විද්‍යුත් මාදිලියේ යතුරුපැදියන් ලෙස දැක ගැනීමට හැකිවනු ඇති බවයි.

Rate this item
(0 votes)