April 16, 2024

පරිගණක ලෝකයට පැමිණි නවතම Huawei Matebook X Pro 2019

Huawei යන නාමය ඇසුණු ගමන් ගොඩාක් අයට මතක් වෙන්නේ ස්මාර්ට් දුරකථනයි. අතේ ඇති මිලට ගැලපෙන්න ඉතාමත් හොඳ පහසුකම් සහිත ස්මාර්ට් දුරකථන නිකුත් කරන සමාගමක් විදියට ඔවුන් ලෝකයේ තරමක ප්‍රසිද්ධියක් ලබා ගෙන සිටිනවා. ඔවුන් මධ්‍යම මිල සහිත දුරකථනවල වෙළෙඳපොළ අල්ලාගෙන ඉන්නවා කිව්වොත් නිවැරැදි. දැන් Huawei සමාගම තාක්ෂණික ලෝකයේ පරිගණක වෙළෙඳපොළ ද ආක්‍රමණය කිරීමට සැරසෙනවා. ඒ නවතම Laptop වර්ගයේ පරිගණකයක් හඳුන්වා දෙමින්. ඒ අනුව Huawei සමාගම විසින් මේ වසරේ දී අලුත් ම නිර්මාණයක් හඳුන්වා දුන්නා. මෙය නම් කර තිබුණේ Huawei Matebook X Pro (2019) නමින්.

Huawei ආයතනය මුලින් ම මෙම පරිගණකය හඳුන්වා දුන්නේ පසුගිය වසරේ දී. නමුත් පසුව එයට නැවතත් නවතම තාක්ෂණික අංගයන් කිහිපයක් එකතු කර මෙම වසරේ දී නැවත හඳුන්වා දීමක් සිදු කරා ඒ Huawei Matebook X Pro (2019) නමින්. මෙම පරිගණකයේ i5 සහ i7 යන මාදිලි දෙකෙන් ම ඔවුන් හඳුන්වා දී තිබෙනවා. මෙම Matebook X Pro (2019) පරිගණකයේ විශේෂාංගයන් (Matebook X Pro (2019) i7 Specification) ගැන කතා කරද්දී මෙය,

- 1.8Ghz quad-core Intel i7-8565U
- Intel UHD 620 + Nvidia MX250 with 2GB GDDR5
- 16GB LPDDR3 RAM
- 1TB of PCIe-NVMe SSD storage
- 57.4Wh battery
- 1MP front-facing camera
- 13.9-inch FullView touchscreen display (91 percent screen-to-body ratio, 3000 x 2000)

යන විශේෂාංගයන්ගෙන් සමන්විතයි. මෙය වර්ණ දෙකකින් වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත අතර Space gray සහ Mystic silver යන වර්ණ දෙකෙන් ම සමන්විතයි. මෙහි ඇති සිත්ඇද ගන්නා සුළු පෙනුම නිසා දකින ඕනෑම කෙනෙකුගේ ආකර්ෂණය දිනා ගත හැකි බවත් සඳහන් වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙහි තිරය (Screen) එක සඳහා වැඩි ඉඩක් ලබා දී තිබීමයි. ඒ අනුව මෙහි වෙබ් කැමරාව (Web Cam) එක පරිගණකයේ යතුරු පුවරුවේ ම popup key එකක් ලෙස පිහිටා තිබෙනවා. මෙහි OS එක ලෙස නවතම Windows 10 Pro ස්ථාපනය කර ඇති බවත් සඳහන් වෙනවා. මෙහි නිර්මාණය කර ඇති power button එක fingerprint reader එකක් ලෙස කියා කරන බවද සඳහන් වෙනවා, ඒ මඟින් ඔබට ඔබේ ලැප්ටෝප් පරිගණකයට හොඳ ආරක්ෂාවක් ද ලබා දිය හැකි බවත් සඳහන් වෙනවා. Huawei ස්මාර්ට් දුරකථන සඳහා ලබා දී ඇති Huawei Smart Share පහසුකම යටතේ ඔබේ Huawei දුරකථනය සහ මෙම පරිගණකය එකිනෙක සම්බන්ධ කර ගත හැකි අතර ඔබේ දුරකථනයේ දත්තයන් සහ පරිගණකයේ දත්තයන් ඉතාමත් පහසුවෙන් ඒ මඟින් හුවමාරු කර ගත හැකි බව ද සඳහන් වෙනවා.

පරිගණක ක්‍රීඩා, ග්‍රැෆික් නිර්මාණ, චිත්‍රපට බැලීම හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා භාවිත කරන්නාට පහසු අයුරින් නිර්මාණය කර ඇති මෙම ලැප්ටොප් පරිගණකය මෙම වසරේ පෙබරවාරි 24 වැනිදා වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. මෙය අනිත් පරිගණක සමාගම්වල නවතම මාදිලියේ ලැප්ටෝප් පරිගණක සඳහා හොඳ තරගයක් ලබා දෙනු ඇති බව ද සඳහන් වෙනවා. මෙය ඇමෙරිකානු ඩොලර් 1809 ත් 1900ත් අතර වනු ඇති බවයි සඳහන් වෙන්නේ.

Rate this item
(0 votes)