ලෝක ප්‍රසිද්ධ UFC ක්‍රීඩකයෙකු සහ ලෝක ශූරයෙකු වන කොර්නර් මැක්ග්‍රෙගර් කාන්තාවකට තමන්ගේ රහසිගත පෙදෙස් පෙන්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙම ක්‍රියාව සිදුකර තිබුණේ ක්‍රොඒෂියාවේ අවන්හලකදීය.
පසුගිය සිකුරාදා (11) මෙම සිදුවීම ඇති වී තිබුණු අතර ඔහු එදිනම අත්අඩංගුවට ගෙන තිබේ.
නමුත් පසුදින එනම් සෙනසුරාදා (12) දිනයේ දී ඔහුව නිදහස් කර ඇති අතර වැඩිදුර පරික්ෂණ සිදුකරමින් පවතින බව වාර්තා වේ.
කොනර් මැක්ග්‍රෙගර් පරික්ෂණ කිහිපයකට යොමු කර ඇති බවද සඳහන් වෙන අතර සිදුවීම වන දිනයේ සීසීටීවි දර්ශන ද මෙම පරික්ෂණ සඳහා යොමු කර ඇති බව සඳහන් වෙයි.