March 29, 2024

නිකලස් පූරන්ගෙන් වාර්තාගත පිති හරඹයක් - පන්දු 45කින් ලකුණු 100ක් ලබා ගනී

T20 කැරබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ගයානා ඇමසන් වොරියර්ස් හා ශාන්ත කිට්ස් සහ නෙවිස් පැට්රොයිට්ස් අතර පැවති තරගයෙන් ශාන්ත කිට්ස් සහ නෙවිස් පැට්රොයිට්ස් කණ්ඩායම පරදා ජය ලැබීමට ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම සමත් විය.

මෙහිදී කැපී පෙනෙන පිතිකරණයක නිරත වූ  නිකලස් පූරන් විසින් පන්දු 45ක් තුළ නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වන්නේ 06 පහර 10ක් ද සමඟිනි.

ශාන්ත කිට්ස් සහ නෙවිස් පැට්රොයිට්ස් කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ දළ ලකුණු වේගය අඩු මට්ටමක තිබූ ඇමසන් වොරියර්ස් කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු වාර 2.5ක් ඉතිරිව තිබිය දී තමන්ගේ ජයග්‍රහණය හඹා යෑමටද එහිදී සමත්විය.

මෙම ජයග්‍රහණය ලබා ගැනීමට නිකලස් පූරන්ගේ පිතිකරණය හේතු වූ බව ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම් නායක ක්‍රිස් ග්‍රීන් ද ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)