March 29, 2024

එංගලන්ත ක්‍රිකට් නායකයා පාකිස්ථාන ක්‍රිකට් සංචාරයක් ගැන ආසාවෙන්

තමන් පාකිස්ථානයේ සංචාරය කිරීමට දැඩි කැමැත්තකින් පසුවන බවත් නමුත් 2022 දක්වා ඇති කාර්ය බහුල තරග සංචාරයන් නිසා එයට ඉඩක් ලැබෙදැයි තමන්ට විශ්වාසය නොමැති බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් පවසා සිටියි.

2005/06 තරග සංචාරයෙන් පසුව මේ වන තෙක් එංගලන්තය පාකිස්ථානය තුළ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් නොමැත. එයට හේතුව වී තිබුනේ 2009 වසරේ දී ලාහෝර් හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයයි.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්ථානය තමන්ගේ රට තුළ පැවැත්විය යුතු ක්‍රිකට් තරග බොහෝමයක් එක්සත් ආරබි එමීර් රාජ්‍ය තුළදී පැවැත් වූ අතර, නමුත් ශ්‍රී ලංකාව, බටහිර කොදෙව්වන්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන රටවල් පාකිස්ථානය තුළ සංචාරය කිරීමට කටුයුතු කළේය.

මේ වන විට එංගලන්තයේ දී පාකිස්ථානය සහ එංගලන්තය අතර ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන අතර තමන් පාකිස්ථානයේ තරග සංචාරයක් සඳහා යෑමට වැඩි කැමැත්තක් ඇති බවද එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසා තිබේ.

තමන් එවැනි සංචාරයක වැඩි කැමැත්තක් ඇති බවත් නමුත් තමන්ට එවැනි තීරණය ගැනීමේ හැකියාවක් නොමැති බව ජෝ රූට් පවසා සිටියි.

පාකිස්ථානයේ තනතීරු පවා ඉතාමත් හොඳ ඒවා බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

තමන්ගේ තවත් සහාය ක්‍රීඩකයන් පිරිසක් ද පාකිස්ථානය තුළ සංචාරය කිරීමට කැමැත්තෙන් සිටින බවද එංගලන්ත ක්‍රිකට් නායකයා පවසා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 August 2020 13:02