April 19, 2024

අයි.පී.එල් තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ඇරඹෙයි

දින නියමක් නොමැතිව කල් දමා තිබූ ඉන්දීයන් ප්‍රීමියර් ලීග් තරගාවලිය හෙවත් අයි.පී.එල් තරගාවලිය මෙම වසරේ සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වීම විශේෂත්වයකි.

T20 ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීමත් සමඟ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අයි.පී.එල් තරගාවලිය පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉන්දීයන් ප්‍රීමියර් ලීග් 13 වැනි තරගය මෙලෙස ආරම්භ වීමට නියමිතව ඇති අතර එය නොවැම්බර් 08 වැනිදා අවසන් වීමට නියමිතයි.

Rate this item
(0 votes)