April 19, 2024

20 හැවිරිදි ඕස්ට්‍රේලියානු ස්කේට් ශූරිය රුසියාවේ දී එක්වරම මියයි

20 හැවිරිදි ඕස්ට්‍රේලියානු ඕලිම්පික් ස්කේට් ශූරිය රුසියාවේ මොස්කව් නුවර දී එක්වරම මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඇයගේ මරණයට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බව ද සඳහන්.

එක්තරීනා ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කායා නම් මෙම 20 වැනි වියේ පසු වූ ස්කේට් ශූරිය උපත ලබා තිබුණේ රුසියාවේ මොස්කව් හිදීය.

2018 වසරේ දී ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ස්කේට් ක්‍රීඩා ඉසව්ව සඳහා ඕලිම්පික් තරඟාවලියට සහභාගීවීමට ඇයට අවස්ථාව උදාවෙන අතර එහිදී ඇයට ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවයද හිමිවයි.

ඇයගේ පුහුණුකාරිණිය වූ ඇන්ඩ්‍රි කෙකලෝ පවසා තිබුණේ එක්තරීනා මෙම වසරේ මුල සිට අපස්මාරය රෝගී තත්ත්වයෙන් පසු වූ බවයි.

Rate this item
(0 votes)