April 26, 2024

ජෝෆ්රා ආචර් මුල්කොටගෙන එංගලන්ත ක්‍රිකට් පිලේ වර්ගවාදී ගැටුමක්

කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ජෝෆ්රා ආචර් මුල් කරගනිමින් එංගලන්තයේ ක්‍රිකට් පිළ වර්ගවාදයක් කරා ගමන් කරමින් සිටි.

නිමාවට පත්වූ එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ දී එංගලන්තය වෙනුවෙන් වැඩිම දෙවැනි කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ ස්ටුවඩ් බෝර්ඩ් තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් එකොළොස් දෙනා අතරින් ඉවත් කිරීම දැඩි අර්බුදයක් කරා ගමන් කරමින් සිටියි.

තිස් හතර හැවිරිදි බ්‍රෝඩ් 2007 වසරේ සිට එංගලන්ත ක්‍රිකට් පිල නියෝජනය කර ඇති අතර ඔහු ටෙස්ට් තරග 138 ක දී කඩුලු 485 ක් දවාගෙන තිබේ.

මීට පෙර ලොව දක්ෂතම ක්‍රිකට් කණ්ඩායම් දෙකක් වන දකුණු අප්‍රිකාවට හා ඔස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තය සහභාගි වූ ක්‍රිකට් තරගාවලි දෙකේදීම එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළනු ලැබුවේ ක්‍රිස් බ්‍රෝඩ්ය.

තම ක්‍රිකට් ක්‍රීඩා දිවියේ උපරිම දක්ෂකම් පසුගිය කාලයේ පෙන්වූ බව පවසන බ්‍රෝඩ් තමාව එංගලන්ත බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කළේ ඇයි දැයි එංගලන්ත තේරීම් කමිටු ප්‍රධානි එඩ්.ස්මිත් ගෙන් විමසා ඇත.

තමා පමණක් නොව තුන් ඉරියව්වේම දස්කම් පාන ‍ක්‍රිස් වෝක්ස් සහ සෑම් කරන් ද එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එකොළොස් දෙනාට ඇතුළත් වීමට තරම් සුදුසු බවද බ්‍රෝඩ් සඳහන් කරයි.

මේ ප්‍රශ්න සියල්ලටම මුල් වී තිබෙන්නේ බටහිර ඉන්දිය කොදෙව්හි බාබඩෝස් දූපත් හි උපත ලැබූ විසිපස් හැවිරිදි කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජෝෆ්රා ආචර් එංගලන්ත පිළට එක් වීම ය.

බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ පිල නියෝජනය කර තිබෙන ආචර් තවත් බාබඩෝස්හි උපත ලබා එංගලන්ත පිලට එක්වූ ක්‍රිස් ජෝර්දාන්ගේ මග පෙන්වීම මත එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරග සඳහා සහභාගි විය. ඉන්පසු එංගලන්ත ක්‍රිකට් බලධාරීන් ඉතා කඩිනමින් ආචර්ට එංගලන්තයේ පුරවැසිකම ලබා දෙමින් ඔහුව එංගලන්ත පිළට එක් කිරීමට කටයුතු කරන ලදී. ඒ පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත පිළට එක් කර ගැනීමේ අවශ්‍යතාවය මතය.

ආචර්ගේ එංගලන්ත පිලේ සංක්‍රමනයත් සමඟ ඉතා දිගු කලක් එංගලන්තය වේගපන්දු බල ඇණියේ නියෝජනය කළ බ්‍රෝඩ්ට පමණක් නොව එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබාගෙන සිටින ජේම්ස් ඇන්ඩර්සන්ට කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වීම ද හේතු විය. එළඹෙන ජූලි තිස් වෙනිදාට 38 වන වියට පා තබන ඇන්ඩසන් ගෙවුණු වසර  17 තුලදී ටෙස්ට් තරඟ 152කට සහභාගි වෙමින් කඩුලු 587 ක් දවා ගැනීමට සමත්ව සිටී.

ආචර්ව එංගලන්තයේ ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් එකොළොස් දෙනා අතරට ඇතුළත් කර ගැනීම මත ඇන්ඩර්සන්ට හා බ්‍රෝඩ්ට කණ්ඩායමේ සිය ස්ථානය දැන් අහිමිව තිබේ.

මේ නිසා ඊට පසුබිම වූ කළු ජාතික ක්‍රීඩකයකු ආචර්ට එරෙහිව නිහඬ විරුද්ධතාවයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තුළ ගොඩනැගෙමින් පවතින අතර එය ඉදිරියේ දී විවෘත ව ම ප්‍රකාශ වීමට ඉඩකඩ ඇති බව එංගලන්ත ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.


Rate this item
(0 votes)