April 16, 2024

මිකී ආතර්ගෙන් වනිඳු හසරංග ගැන අනාවැකියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පිළිබඳව අනාවැකියක් පළ කර තිබේ.

මිකී ආතර් පවසන්නේ මීළඟ වසරේ දී ලෝකයේ හොඳම ක්‍රීඩකයන් 10 දෙනා අතරට පිවිසීමට වනිඳු හසරංගට හැකියාවක් ඇති බවයි. එමෙන්ම ඔහු විශාල ප්‍රගතියක් ලබා ගනු ඇති බවද මිකී ආතර් පවසා සිටියා. 

මිකී ආතර් වැඩිදුරටත් පවසා සිටියේ වනිඳු තමන්ගේ ලයින් ඇන්ඩ් ලෙන්ත් එක තුළ හොඳින් පන්දු යවන බවයි, ඔහු නියම කඩුළු ලබා ගන්නෙකු බවද ඔහු සඳහන් කර සිටියා. එමෙන්ම වනිඳු හට පිතිකරණයේ හා පිටියේ පන්දු රැකීම තුළද ඉතාමත් හොඳින් කටයුතු කළ හැකිබවද පවසන මිකී ආතර් කියා සිටියේ ඔහු ඉදිරියේ තරග වෙනස් කරන තරග ජයග්‍රහණය කරා ගෙන යන ක්‍රීඩකයෙකු වනු ඇති බවයි.

ශ්‍රී ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අශාන්ත ද මෙල් මහතාද වනිඳු හසරංග පිළිබඳව ඔහුගේ මතය ප්‍රකාශ කර තිබුණු අතර ඔහු කියා සිටියේ වනිඳු විශිෂ්ට ක්‍රීඩකයෙක් බවයි, එමෙන්ම ඔහු මැණිකක් බවද සභාපතිවරයා කියා සිටියා.

Rate this item
(0 votes)