April 25, 2024

ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීකයින්ගෙන් නව ද. ආසියානු වාර්තාවක්

December 06, 2019

අද දකුණු ආසියානු ක්‍රීඩා උළෙළදී ඔවුන් තරගය නිමකලේ තත්ත්පර 39.14 ක කාලයක් වාර්තා කරමිනි.

අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බිඳ දැමුවේ මීට පෙර තත්ත්පර 39.40 ක කාලයක් සටහන් කරමින් ඉන්දීය ක්‍රීඩකයින් තබා තිබූ වාර්තාවයි.

කෙටිදුර ධාවන ශුරයින් වන හිමාෂ ඒශාන්, විනෝජ් සුරංජය, චානුක සන්දීප හා යුපුන් ප්‍රියදර්ශන ශ්‍රී ලංකා කන්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකා කාන්තා 100 x 4 කණ්ඩායම ද තත්ත්ත්පර 44 .89 ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ රන් පදක්කම දිනා ගත්තේ ය.

ලක්ෂිකා සුගන්ධි, සදීපා ඇන්ඩර්සන්, අමාෂා ද සිල්වා, සාරංගි ලක්ෂිණි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.

Rate this item
(0 votes)