April 23, 2024

හතුරුසිංහ පුහුණුකාර ධුරයෙන් ඉවත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ ඔහුව තවදුරටත් අදාළ තනතුරේ රඳවා නොගන්නා ලෙසට ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කිරීමත් සමගය.

ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වය හේතුවෙන් බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් පසු පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට මීට පෙර ද නියෝගකර තිබූණි.

කෙසේ වෙතත් පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසුණු ක්‍රිකට් බලධාරීන් අවසර ඉල්ලා තිබුණේ, නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය අවසන් වන තුරු මෙම පුහුණු කාර්යමණ්ඩලය රඳවා ගැනීමටය.

හතුරුසිංහ තනතුරෙන් ඉවත් කිරීමත් සමග ප්‍රධාන පුහුණුකරු තනතුරේ වැඩ බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න මහතා පත් කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

Rate this item
(0 votes)