April 18, 2024

කුලසේකරට උපහාරයක් ලෙස බංග්ලාදේශයට එරෙහි අවසන් තරගය අද පැවැත්වේ

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද  කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

මෙම තරගය නම් කර ඇත්තේ මෙරට හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙනි.

තරග තුනිකන් සමන්විත තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ද ජය තහවුරු කරගෙන තිබේ.

2015 වසරේ නොවැම්බර් මාසයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක් මෙරටදී ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

මේ අතර, මෙම තරගයේදී නවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීමට අපේක්ෂා කරන බවට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ එලැඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුම කණ්ඩායම තෝරා ගැනීමට නම් නවක ක්‍රීඩකයින් අත්හදා බැලිය යුතු බවයි.

මේ අතර බංග්ලාදේශ නායක තමීම් ඉක්බාල් පවසන්නේ මීට පෙරද කණ්ඩායම පසුබෑමට ලක්ව සිටි අවස්ථාවලදී නැවතත් දක්ෂතා අතරට පිවිසීමට හැකි වූ බැවින් මෙවර ද ඊට උත්සාහ කරන බවයි.

බංග්ලාදේශ කණ්ඩායමට අද දිනයේදී වේග පන්දු යවන ක්‍රීඩක රුබෙල් හුසේන් කැඳවීමට ඉඩ ඇති බවට වාර්තා වේ.

දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 47ක් පවත්වා ඇති අතර ඉන් තරග 38ක්ම ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

තරග 7ක් බංග්ලාදේශය ජය ගත් අතර දෙනෙක් තරග 2 තීරණයකින් තොරව අවසන් විය.

මේ අතර අද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ සේවය ඇගයීම සදහා අද තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කර තිබේ.

ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් ද එහිදී පැවැත්වීමට නිමිතය.

Rate this item
(0 votes)