April 19, 2024

රුසියානු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරී නවාලිනි සුවය ලබයි

September 16, 2020

රුසියාවේ සයිබිරීයානු ගුවන් තොටුපොළකදී විෂ ශරීරගත වීම නිසා රෝහල් ගත කර පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජර්මනිය වෙත ගෙන ගිය රුසියානු විපක්ෂ දේශපාලන ක්‍රියාකාරී ඇලෙක්සෙයි නවාලිනි සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සුවය ලැබීමෙන් අනතුරුව තමන්ගේ පවුලේ පිරිස සමඟ එක්ව රෝහලේ සිට ගත් ඡායාරූපයක් ද විදෙස් මාධ්‍ය පළ කර තිබුණි.

නවාලිනි හට ශ්වසනය කිරීමට අපහසුතාවයක් පැවැති බවත් දැන් ඔහුට ශ්වසනය කිරීම සඳහා ගැටලුවක් නොමැති බවද සඳහන් වෙයි.

නවාලිනි තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිනුමේ සටහනක් තබමින් පවසා තිබුණේ, ඔහුට සියල්ලම මතක් වූ බවත්, තමන්ට තවමත් තනිවම කිසිවක් කර ගැනීමට නොහැකි බවයි. 

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා තිබුණේ තමන්ට පෙර ශ්වසනය කිරීමට අපහසු වූ බවත්, දැන් තමන්ට තනිවම ශ්වසනය කිරීමට යම් හැකියාවක් තිබෙන බවද ඔහු පවසා තිබේ.

Rate this item
(0 votes)