April 20, 2024

දැඩි ආරක්ෂිත සෞඛ්‍ය නීතිරීති යටතේ ඉන්දියානු පාර්ලිමේන්තුව රැස්වෙයි

September 14, 2020

කොරෝනා වෛරසය සමඟ විශේෂ සෞඛ්‍ය නීතිරීති යටතේ ඉන්දියානු පාර්ලිමේන්තුව රැස් වී තිබේ.

මෙම නීතිරීති අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන් වෙන්ව දුරස්ථව තබා ඇති අතර මන්ත්‍රී ආසන අතර පොලි-කාබන් ශීට් යොදාගෙන ආවරණද සකසා තිබේ.

එමෙන්ම මන්ත්‍රීවරුන්ට මුහුණු ආවරණ අනිවාර්ය කර තිබෙන බවද සඳහන් වේ.

ඉන්දියානු පාර්ලිමේන්තුව රාජ්‍ය සභාව සහ ලෝක් සභාව අවස්ථා දෙකක දී පැවැත්වීමට නියමිතව ඇති අතර රාජ්‍ය සභාව උදෑසන 9.00ට සිට සවස 1.00ට දක්වාත්, ලෝක් සභාව සවස 3.00ට සිට සවස 7.00 දක්වාත් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

මෙම සැසිවාරයන්ගේ දී වාචික ප්‍රශ්නවලට සහ පිළිතුරු ලබා දීම නවතා ඇති අතර ඒ සඳහා ලිඛිත ප්‍රශ්න සහ පිළිතුරු පමණක් ලබා දීම සඳහා විශේෂ ක්‍රමවේදයක් ද සකස් කර ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)