April 16, 2024

පොලීස් නිලධාරීන්ට වෙඩි තැබූ පුද්ගලයා සොයා දෙන්නෙකුට දැවැන්ත ත්‍යාග මුදලක්

September 14, 2020

ඇමෙරිකාවේ කැල්ෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර පසුගිය සෙනසුරාදා (12) වැනිදා පොලීස් නිලධාරීන් දෙදෙනෙකු ඉල්ලක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

එම වෙඩි ප්‍රහාරයෙන් 31 හැවිරිදි පොලිස් නිලධාරිනියක් සහ ඇයගේ සහයක නිලධාරියා වූ 24 හැවිරිදි පොලිස් නිලධාරීයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන්ගේ රථය තුළ සිටියදී ය.

මෙම වෙඩි තැබීම සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර වෙඩි තැබූ පුද්ගලයා අවුරුදු 28-30ත් අතර කළු ජාතික තරුණයෙකු බව එරට පොලීස් ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

මෙම පුද්ගලයාව සොයා ගැනීම සඳහා ආරක්ෂ අංශ මහජන සහය පතන අතර ඔහුව සොයා දෙන්නෙකු හට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දීමට ඔවුන්ට කටයුතු කරන බව සඳහන් කර තිබේ.

මෙම සිදුවීම ඇමෙරිකාව තුළ මහත් කැලඹීමක් ඇති කරන ලද අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඍජු අවධානය මෙම සිදුවීමට යොමුව තිබේ.

ජනාධිපතිවරයා මෙම පිළිබඳව තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරමින් පවසා තිබුණේ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබු පුද්ගලයාට මරණ දඬුවම ලබා දීමට කටයුතු කරන ලෙසයි.

Rate this item
(0 votes)