April 25, 2024

රුසියානු ජනපතිගේ දුවටත් එන්නත් කළ ලෝකයේ පළමු සාර්ථක කොරෝනා එන්නත

ලෝකය තුළම විනාශකාරී තත්ත්වයක් නිර්මාණය කළ කොරෝනා වෛරසයට සාර්ථතකව මුහුණ දීමට හැකි එන්නතක් නිර්මාණය කිරීමට රුසියාව සමත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ජනාධිපතිවරයා විසින් අද (11) දිනයේ දී ලෝකයේ පළමු සාර්ථක කොරෝනා එන්නත එරට සෞඛ්‍ය ආමාත්‍යංශයේ ලියාපදිංචි කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එහිදී ජනාධිපතිවරයා විසින් එන්නත නිපදවීමට දායක වූ සියලු දෙනාහටම ස්තූතිය පුද කළ අතර මෙම එන්නත ගෝලීය ව්‍යාප්තව ඇති වෛරසය පාලනය සඳහා වඩාත් ඵලදායී විසඳුම වනු ඇතිබවද ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරයා විසින් මෙහිදී විශේෂයෙන් අවධාරණය කරනු ලැබුවේ මෙම එන්නත ලබා දෙන්නේ ස්වේඡා පදනම යටතේ බවත්, කිසිවෙකුටත් වෛරස් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බල නොකර බවයි.

එමෙන්ම ඔහු එහිදී කියා සිටියේ තමන්ගේ දියණියන්ගෙන් එක් අයෙකුටද මෙම එන්නත ලබා දී ඇති බවයි. 

මෙම ප්‍රතිශක්තිකරණ එන්නත ඉතාමත් සාර්ථක බවත්, එය සියලුම පරික්ෂණවලින් සනාථ වී ඇති බවත් රුසියානු ජනාධීපතිවරයා විසින් ඉතාමත් විශ්වාසනවන්ත අයුරින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 August 2020 20:41