April 25, 2024

ඊශ්‍රායල අගමැතිව ගෙදර යවන්න එරට පාර්ලිමේන්තුව සැරසෙයි

වංචා සහ දූෂණ රැසකට අධි චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හට නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බල රහිත කරමින් නව කෙටුම්පතක් සම්මත කර ගැනීමට එරට පාර්ලිමේන්තුව සුදානම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පනත් කෙටුම්පත සම්මත වූවහොත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වන බෙන්ජමින් නෙතන්යාහුගේ දේශපාලන දිවියද නිමාවට පත්වනු ඇති බවත් සඳහන් වෙයි.

මෙම නව කෙටුම්පත පිළිබඳව එරට විපක්ෂ නායක යෙෂ් ආටීඩ්-ටෙලිම් සන්ධානයේ නායක යයාර් ලැපිඩ්  අදහස් දක්වමින් සඳහන් කරන්නේ වර්තමාන තත්ත්තවය දිගටම පැවතිය නොහැකි නිසා අධිචෝදනා ලැබ සිටින පුද්ගලයෙකු අගමැති ධුරය සඳහා තරඟ කිරීම වලක්වන පනතක් ඔවුන් විසින් සම්මත කරගැනීමට සුදානම් වන බවයි.

2009 සිට බලයේ සිටින නෙතන්යාහු, ව්‍යාපාරිකයින්ගෙන් වටිනා තෑගි භාර ගැනීම සහ වාසිදායක ආවරණය සඳහා මාධ්‍ය ලොක්කන් සමඟ ගනුදෙනු කිරීම යන චෝදනා මත වංචා, අල්ලස් සහ මහජන විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට ලක්විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 August 2020 11:06