April 26, 2024

සුපිරි නළු අමිතාබ්ටත් ඔහු පුත් අභිෂේක්ටත් කොරෝනා වැළඳේ

බොලිවුඩ් සුපිරි නළු අමාතාබ් බච්චන් හා ඔහු ගේ පුත් බොලිවුඩ් නලු අභිෂේක් බච්චන්ට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇත.

අමිතාබ් හා අභිෂේක්  බච්චන්ලාට  සිදු කළ  පරීක්ෂණයේදී ඔවුනට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔවුන්  රෝහල් ගත කර ඇත.

අද දින සිය ට්විටර් ගිනුමේ අමිතාබ් බච්චන් තමාට කෝව්ඩ් 19 වැලදී ඇති බවට සටහන් තබා ඇති අතර මේ වන විට තමන්ගේ පවුලේ සාමාජිකයින්ද පරීක්ෂාවට ලක් කරන බව එහි කියා ඇත. එමෙන්ම පසු ගිය දින 10ක කාලය තුළ තමන් ඇසුරු කළ සියලු දෙනාටද කෝවිඩ් 19  පරීක්ෂාව කරගන්නා ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත.

මේ අතර අභිෂේක් බච්චන් ද සිය පියාට හා තමාට කෝවිඩ් 19 ආසාධනය වී ඇති බව සිය ට්විටර් ගිනුමේද සටහනක් තබා ඇත.

Rate this item
(0 votes)